ලෝකයේ අවුරුද්දකට නිශ්පාදනය වන saffron ටොන් 300ක ප්‍රමාණයෙන් 76%ක් ඉරානයේ නිශ්පාදනය කරයි.
යුරෝපය, තුර්කිය, ඉරානය, මධ්‍යම ආසියාව, ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය,චීනය මෙන්ම ඇල්ජීරියාවේද විශාල වගා බිම් ලෙස වගාවන් සිදු කරයි.
saffron පැලෑටිය ලිලී පවුලට අයත් වන අතර පත්‍ර ලා සුදු පැයට හුරු දම් පැහැයෙන් යුක්ත වන අතර කහපාට පරාග, සුදුපාට සූත්‍රිකාව සමඟ දීප්තිමත් තැඹිලි පැහැයෙන් යුත් රේණු 3න් සමන්විතය.
saffron ලෝකයේ තියෙන මිල අධිකම කුළුබඩු වර්ගය ලෙස හඳුන්වන්න පුළුවන්.මේවා අතීතයේ සිටම අරාබි ජාතියන් අතර මෙන්ම මොරොක්කෝ කෑම පිසීමට නැතිවම බැරි කුළුබඩු වර්ගයක් ලෙස සලකනු ලබ අතර වියළි saffron 1g ක් සෑදීමට මල් 160ක් පමණ අවශ්‍ය වේ.මේ සෑම මලකම රේණු 3ක් පමනක් ඇති අතර මෙම මල් අතින් නෙලීමත්, මලෙන් රේණු වෙන්කිරීමත් අතින් සිදු කල යුතුය. වියලීම මිනිස් ශ්‍රමයෙන් මෙන්ම යන්ත්‍රානුසාරයෙන්ද සිදුකල හැක. Saffron මිල අධික වීමට හේතු මේවායි.
මෙම saffron අපි සින්හලෙන් කුංකුම ලෙස හඳුන් වන අතර මෙහි විද්‍යාත්මක නාමය වන්නේ Crocus sativus ය. වෙනත් නම් ලෙස saffron crocus සහ autumn crocus හඳුන්වන්න පුලුවන්.
මේ තරම් ලෝකයේ මිනිසුන් Saffron භාවිතා කරන්නෙ ඇයි?
ලෙඩ රෝග 90කට වඩා සුව කර ගැනීමට අතීතයේ සිට භාවිතා කරයි.
මෙහි ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා පිලිකා සෑදීම අවම කරයි.
මෙහි ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා පිලිකා සෑදීම අවම කරයි.
ඒ අතර උණ ,සෙම්ප්‍රතිශ්‍යාව, උදරයේ සංකූලතා,ගර්භාෂ ලේ ගැලීම,මස් පිඩු පෙරලීම, අක්මාවේ ක්‍රියාකාරීත්වයේ දුර්වලතා,දියවැඩියාව,රුධිර පීඩනය, මෙන්ම නින්ද නොයාම,සාංකාව,හෘදයාබාධවැනි රෝග මෙන්ම තැළීම්, රක්තවාතය, ස්නායු වේදනාවන් සඳහා භාහිරවද භාවිතා කල හැකි අතර ලිංගික ක්‍රියාකාරිත්වයද වර්ධනය වේ.
Saffron භාවිතා කිරීමෙන් ආහාරවල ඇති මේදය ශරීරයට අවශෝෂණය වීම අඩු කරන නිසාත් අහාර රුචිය අඩු කරන නිසාත් ශරීරයේ ඇති ග්ලූකෝස් සහ මේදය ශක්තිය ලෙස භාවිතයට ගැනීම නිසාත් ශරීරයේ බර පාලනය කර ගැනීමටද හැකිය.කොලෙස්ටරෝල් සහ ලිපිඩ පාලනයටද මහඟු සේවයක් සපයයි.
නවීන විද්‍යාතමක පර්යේෂණ වලට අනුව saffron වල ඇති ඖෂධීය ගුණය නිසා ඇල්සයිමර් රෝගය, මානසික අවපීඩනය,ඔසප් වේදනා, ආතරයිටිස්,ඇස් පෙනීම වර්ධනය,සහ පූර්ව ඔසප් සින්ඩ්‍රෝමය වැනි ලෙඩරෝගද සුව කර ගැනීමට හැකිවේ.
ආහාර ජීර්ණය පහසුවීම ,පිළිස්සුම් තුවාල සුව වීම් මෙන්ම ප්රතිශක්තිය වර්ධනය සඳහාද බෙහෙවින් වැදගත් වේ.
අහිතකර UV කිරණ වලින් ඔබේ සම ආරක්ශා කරනවා මෙන්ම සමෙහි තෙතමනයද ආරක්ශා කරයි.
රන්වන්,දීප්තිමත් සමක් ලබා ගැනීමට ද මහඟු දායකත්වයක් දක්වයි. Saffron යොදා සාදා ගන්නා ක්‍රීම් වර්ග, මාස්ක් ,පැක් ,තෙල් අතීතයේ සිටම භාවිතා කල බවට ප්‍රසිද්ධ රහසකි.
නියම Saffron තෝරා ගන්නා අකාරයත්, සම රන්වන් පැහැයක් ලබා ගැනීම සඳහා භාවිතා කරන ආකාරයත්,ඇතුළු බොහෝ වැදගත් කරුණු ඉදිරි ලිපි වලින් බලා පොරොත්තු වන්න.
සටහන:-අන්තර්ජාලයෙන් උපුටාගත් කරුණු එක් රැස්කොට මා විසින් සිංහලට පරිවර්තනය කරන ලද්දකි.
0 Comments