Saffron වර්ග හා ඒවායේ ලක්ෂණ




Saffron රේණුවක කොටස් සියල්ල රූප සහිතව එකේ සඳහන් කර ඇත.
රූපය උපුටා ගත්තේ
නියම Saffron තෝරා ගන්නා ආකාරය
1. පරීක්ෂා කිරීම සඳහා saffron රේණු එකක් හෝ කිහිපයක් දිවෙහි තබා බලන්න. එවිට පැණි රසකින් යුක්ත වේ නම් ඒවා ව්‍යාජ වේ.නියම saffron සුළු තිත්ත (අමිහිරි රසයක්) ගතියකින් යුක්ත වේ.
2. Saffron ටිකක් නහයට අල්ලා බැලූවිට ප්‍රසන්න සුවඳක් වහනය වේ.
3. ජලය කුඩා ප්‍රමාණයක් ගෙන මෙයින් රේණු කිහිපයක් දමා බලන්න. එවිට ක්ෂ්‍යණයකින් ජලයට පැහැයක් ඒනම් ඒවා ව්‍යාජ saffron වේ. රේණු වටේට සෙමින් සෙමින් ඇතිවන රන් වන් පැහැය ක්‍රම ක්‍රමයෙන් ජලයට රන් වන් පැහැය එක් කරයි. නියම saffron සම්පූර්ණ රන් වන් පැහැය ඒමට විනාඩි 15 ක් පමණ ගත වේ.
4. එම රේණු එලියට ගෙන පරීක්ෂා කල විට සුදු පැහැයක් හෝ පැහැයේ අඩු වීමක් දකින්නට ලැබේ නම් ඒවා ව්‍යාජ වේ.
5. ඒ වගේම මෙම රේණු ඇඟිලි තුඩු වලින් සෙමින් පිරිමැද බැලූ විට කුඩු ආකාරයට කැඩේනම් ඒවාද ව්‍යාජ saffron වේ.
6. වතුරට දැමූ රේණු කිහිපයක් ටිශූ කොලයක තබා පිස බලන විට කහ පැහැයෙන් යුක්තනම් ඒවා නියම saffron වේ.
7. වතුර කෝප්පයකට ජලය ටිකක් ගෙන බේකින් සෝඩා ස්වල්පයක් දිය කරන්න. එයට saffron රේණු කිහිපයක් දමා නිරීක්ෂණය කරන්න. ජලයට රතු පැහැයක් ඒනම් ව්‍යාජ saffron ද රන්වන් පැහැයක් ඒනම් ඒවා නියම saffron ලෙසද සොයා ගත හැකියි.
8. නටවා ගත් උණුවතුර ටිකකට රේණු කීපයක් දමා විනාඩි 5ක් තබා එම විනාඩි 5හ ඇතුලත ඇතුලත රේණු වල පැහැය සුදු පාට වී ඇත්නම් ඒවා ව්‍යාජ ඒවා වේ.
9. නියම saffron දිලිසෙන ස්වාභාවයක් නොගනී,වියලි වේ.
0 Comments